ඉන්දියාවේ මුළු රටම වසා දැමීමේ සීමාව මැයි මස 03 වැනිදා දක්වා දීර්ඝ කරන බව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා අද (14) ප්‍රකාශ කර තිබේ.
ඉන්දියාව ඉකුත් මාර්තු මස 25 වැනිදා මුල්වරට සති තුනක කාලයක් සඳහා ලොක්ඩවුන් සීමා ක්‍රියාත්මක කළ අතර එම සති තුනක කාලය අදින් අවසන් වේ.
රට සම්පූර්ණයෙන් වසා දැමීමේ නියෝග සහ සීමා හේතුවෙන් බිලියන 1.3ක් වෙසෙන ඉන්දියාවේ මිලියන ගණකට රැකියා අහිමි වී ඇත. තවත් දහස් ගණකට උන්හිටි තැන් අහිමි වී ඇත. තවත් බොහෝ පිරිසක් ආහාර නොමැතිව අනාරක්ෂිත පසුවෙති.
“ආර්ථිකය පැත්තෙන් ගත්තොත් අපි විශාල වන්දියක් ගෙවනවා. ඒත් ඉන්දියානුවන්ගේ ජීවිත ඊට වඩා බෙහෙවින් වටිනවා” යැයි ජාතිය අමතමින් ඉන්දීය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාහ කර තිබේ.
Views: 0










