ජනතාවට සහන සලසන්න දුන් අහාර ද්‍රව්‍ය පොහොට්ටුවේ වැලිගම සභාපති මුදලට විකුණලා…

ජනතාවට සහන සලසන්න දුන් අහාර ද්‍රව්‍ය පොහොට්ටුවේ වැලිගම සභාපති මුදලට විකුණලා…

පවතින කොරෝනා වසංගතය හමුවේ පනවා ඇති ඇඳිරි නීතිය හේතුවෙන් දෛනික අවශ්‍යතා සපුරාගැනීමට නොහැකිව සිටින ජනතවාට සහනාධාර ක්‍රමයට අවශ්‍ය නොමිලේ බෙදා දීම සඳහා පුද්ගලික ආයතනයක් මගින් රජයට ලබාදී ඇති සහල් අතුළු ආහාර ද්‍රව්‍ය තොගයක් පොහොට්ටු පක්ෂයට බලය ඇති වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති පුෂ්පකුමාර බැට්ටගේ විසින් ජනතාවට මුදලට අලෙවි කර ඇති බව වාර්තා වේ.

සහල්, අල, පරිප්පු, ළූණු ඇතු අත්‍යාවශ්‍ය ආහාර දුව්‍ය රැසක් මෙසේ මුදලට අලෙවිකර තිබේ.

මෙම ආහාර ද්‍රව්‍ය ප්‍රසිද්ධ පුද්ගලික ආයතනක් විසින් ඩලස් අලහප්පෙරුම ඇමතිවරයා මගින් රජයට පරිත්‍යාග කර ඇති අතර ඇමතිවරයා විසින් මෙම ආහාර ද්‍රව්‍ය ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය යාන්ත්‍රණය මගින් අත්‍යාවශ්‍ය අයට ප්‍රමුකතාවය ලැබෙන සේ බෙදා හරිනවා වෙනුවට ප්‍රාදේශීය සභා, නගර සභා, මහ නගර සභා ආදී පළාත් පාලන ආයතනවල සභාපතිවරු, නගරාධිපතිවරු මගින් බෙදා හැරීමට සලස්වා තිබේ.

මෙය ප්‍රාදේශීය ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරී යාන්ත්‍රණය නොසළකා හැරීමක්ද වේ.

මේ වනවිට රට තුළ පවතින ඇඳිරි නීතිය තත්වය හේතුවෙන් තම ආහාර වේල හෝ සපයා ගැනීමට නොහැකිව සිටින බොහෝ ජනතාව තමන්ට කිසිම සහනයක් නොලැබෙන බව පවසමින් මැසිවිලි නගති.

බොහෝ පිරිසක් චෝදනා කරන්නේ පොහොට්ටු පාක්ෂිකයන් සඳහා පමණක් මෙම සහනාධාර ලැබෙන බවත් මෙවන් ව්‍යසන තත්වයක් පවතිද්දීත් ආණ්ඩුවේ සහනාධාර ක්‍රමය දේශපාලනය මත ක්‍රියාත්මක කරන බවය.

Facebook
Twitter
LinkedIn