කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇමරිකාවේදී මරුට

කොරෝනා ආසාදනය වූ ශ්‍රී ලාංකික කාන්තාවක් ඇමරිකාවේදී මරුට

ඇමෙරිකාවේ නිව්යොර්ක් නගරයේ ස්ටැටන් අයිලන්ඩ් ප්‍රදේශයේ පදිංචිව සිටි ශ්‍රී ලාංකික කාන්තාවක් වන රාණි ෆ්ලෙමින්ග් නැමැත්තිය කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ජීවිතක්ෂයට පත්ව ඇතැයි එරට තානාපති ආරංචි මාර්ග සඳහන් කරයි.

ඇය කඩවත ප්‍රදේශයේ සිට ඇමරිකාවට ගොස් පදිංචිව සිටි අයෙකු බැවද පැවසේ

දීර්ඝ කාලයක පටන් ඇමෙරිකාවේ වෙසෙන ඇය මිය යනවිට වයස අවුරුදු 84ක් වූ බව එම තානාපති ආරංචි මාර්ග කියා සිටියි.

මෙම මරණයට පෙර ස්විට්සර්ලන්තයේ එක් ලාංකිකයෙකුද, බ්‍රිතාන්‍යයේ සිටි තවත් ලාංකිකයින් දෙදෙනෙකුද කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා ජීවිතක්ෂයට පත් වූහ.

Facebook
Twitter
LinkedIn