දෙවන තරගයේ පරාජයත් ශ්‍රී ලංකාවට

ශ්‍රී ලංකාව සමග ඊයේ (14) පැවැති දෙවැනි එක්දින තරගය කඩුලු 5කින් ජය ගැනීමට දකුණු අප්‍රිකාව සමත් විය. කාසියේ වාසිය ලබාගත් දකුණු අප්‍රිකානු කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ශ්‍රී ලංකා කණ්ඩායමට ආරාධනා කිරීමෙන් පසුව නියමිත පන්දුවාර 50 අවසනයේ කඩුලු 6 ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 236 කි.

ඉන්පසු එම ලකුණු සංඛ්‍යාව  පන්දුවාර 48යි පන්දු 4කදී කඩුලු 5ක් දැවී රැස්කර ගැනීමට දකුණු අප්‍රිකානු කණ්ඩායම සමත් විය. දකුණු අප්‍රිකානු කණ්ඩායමේ ජෝන් පෝල් ඩුමිනි නොදැවී ලකුණු 66ක් හා හසීම් අම්ලා ලකුණු 55ක් රැස් කළහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් යොවුන් ක්‍රීඩක දිනේෂ් චන්දිමාල් 4 පහර 6ක් සමග නෙදැවී ලකුණු ලබා ගත් ලකුණු  92 ක ශ්‍රී ලංකාව වෙනුවෙන් රැස් කළ වැඩිම ලකුණු සංඛ්‍යාව විය. පන්දු යැවීමේදී ධම්මික ප්‍රසාද් ලකුණු 46කට කඩුලු 3ක් දවා ගත්තේය.

ඒ අනුව තරග 5කින් සමන්විත එක්දින තරගාවලිය 2ට 0ක් ලෙස දකුණු අප්‍රිකාව ඉදිරියෙන් පසුවේ.

Facebook
Twitter
LinkedIn