එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායකයා සඳහා පාර්ලිමේන්තුව තුල මෙතෙක් වෙන්කර තිබූ කාර්යාල කාමරය ඊයේ (13) දින සිට එජාප මණ්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු සදහා සහායක කාර්යාලය බවට පත්කර ඇත.
ඒ අනුව කාර්යාලයේ යතුර විපක්ෂ නායක ලේකම් නවුෆල් අබ්දුල් රහමන් මහතා විසින් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තිස්ස අත්තනායක වෙත බාරදෙනු ලැබිය.
නියෝජ්‍ය නායක සජිත් ප්‍රේමදාස, උප නායක ජෝසප් මයිකල් පෙරේරා සහ විපක්ෂයේ සහකාර සංවිධායක අජිත් පී පෙරේරා යන අය සඳහා එම කාර්යාලයේ පහසුකම් සලසා තිබේ.
එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන්ගේ පාර්ලිමේන්තු කටයුතු සඳහා අවශ්‍ය සහාය ද මෙම කාර්යාලය මගින් ලබා දෙනු ඇති බව ‘සිරිකොත’ මුලස්ථානය සදහන් කරයි.
කරු ජයසුරිය මහතා එජාප නියෝජ්‍ය නායකයා ලෙස සිටියදී පාර්ලිමේන්තුව තුල ඔහුගේ නිල කාර්යාලය ලෙස මෙම කාමරය යොදාගනු ලැබිය.
8









