එළවළු සහ පළතුරු ප්‍රවාහනයේදී කූඩ භාවිත කිරීමේ නීතිය හෙට සිට යළි ක්‍රියාත්මක කරන බව සමුපකාර හා අභ්‍යන්තර වෙළඳ අමාත්‍යාංශය පවසයි.
එහි ලේකම් සුනිල් එස්. සිරිසේන පවසන්නේ, ප්‍රධාන ආර්ථික මධ්‍යස්ථානවල සිට නැවත එළවළු සහ පළතුරු ප්‍රවාහනයේදී එම කූඩ යොදාගත යුතු බවයි.
ආර්ථික මධ්‍යස්ථාන වෙත එළවළු රැගෙන එන ගොවීන් හෝ නිෂ්පාදකයින්ට එම නීතිය බලනොපානු ඇති.
එළවළු සහ පළතුරු ප්‍රවාහනයේදී ප්ලාස්ටික් කූඩ භාවිත කිරිමේ වැදගත්කම පිළිබඳව ගොවීන් සහ වෙළඳ ව්‍යාපාරිකයින් දැනුවත් කිරිමට පියවර ගෙන ඇති බව සුනිල් එස්. සිරිසේන ප්‍රකාශ කරයි.
5









