කොස්ටා කොන්කෝඩියා වැලිපරයක ගැටෙයි

පුද්ගලයින් 4,000කට වැඩි සංඛ්‍යාවක් රැගත් සු‍ඛෝපභෝගී ඉතාලි නෞකාවක් අනතුරට ලක් වි තිබේ.

විදෙස් වාර්තා පවසන්නේ, ඉතාලියට බටහරින් සාග‍රයේදී නෞකාව වැලිපරයක ගැටී ඇති බවයි.

අනතුරත් සමග එහි සිටි පුද්ගලයින් ඉවත් කිරීමට කාර්ය මණ්ඩලය සහ සහන සේවකයින් ක්‍රියා කර තිබේ.

ජීවිතාරක්ෂක බෝට්ටු හෙළිකොප්ටර් සහ අසලින් ගමන්ගත් නෞකා මගින් නෞකාවේ සිටි පුද්ගලයින් බේරා ගැනීමට ක්‍රියා කළ ද තවමත් එහි කටයුතු අවසන්ව නැහැ.

සහන සේවකයින් උපුටා දක්වන තහවුරු නොකළ වාර්තා පවසන්නේ, මෙහිදී පුද්ගලයින් 6දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්ව ඇති බවයි.

මීටර් 290ක දිගකින් යුත් කොස්ටා කොන්කෝඩියා නම් නෞකාව අනතුරට ලක්වන අවස්ථාවේදී එතුළ මගීන් 3,200ක් සහ කාර්ය මණ්ඩල සාමාජිකයින් 1,023 දෙනෙකු සිට තිබේ.

 

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්