මහගම සේකර සමරුදිනය අද (14)

කලා, සාහිත්‍ය කේෂ්ත්‍රයේ අංශ කිහිපයක අව්‍යාජ නිර්මාන කරුවෙකු වූ මහගම සේකරයන්ගේ 36 වෙනි ගුණ සමරුව අදට යෙදී තිබේ. කවියෙකු සහ ගීතරචකයෙකු වශයෙන් මහගමසේකරයන් බෙහෙවින්  කීර්තියක් දිනා තිබුනද තුංමංහන්දිය නවකථාව සහ එම චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීම ගීත නාටක නිර්මාණය සහ චිත්‍රශිල්පියෙකු වශයෙන් කාටුන් ශිල්පියෙකු වශයෙන් විශිෂ්ඨ දස්කම් දක්වාතිබිණ.

1926 අප්‍රේල් මස 7 වන දින සියනෑ කෝරළයේ කිරිදිවැළ රදාවානේදී උපන් මහගමසේකරයන් 1976 ජනවාරී 14 වන දින හදිසියේ අභාවප්‍රාප්ත විය. වසර 50ක් වැනි කෙටිකාලයක් ජීවත්වී කළ නිර්මාණ අද පවා බොහෝ ශාස්ත්‍රීය ගවේශකයින්ගේ ඇගයීමට ලක්වේ. සිද්ධාර්ත, නොමියෙමි, ප්‍රබුද්ධ, මක්නිසාද යත්, රාජතිලක ලයනල් සහ ප්‍රියන්ත වැනි කාව්‍ය කෘතීන්ද චිත්‍රපට තේමාගීත රැසක්ද නිර්මාණයකරතිබිණි. සේකරයන් මියයෑමෙන් පසුව ඔහුට විද්‍යෝදය විශ්වවිද්‍යාලයෙන් ආචාර්ය උපාධිය පිරිනමන ලදී. සිංහල ගද්‍ය පද්‍යයේ රිද්ම ලක්ෂණ යන ශාස්ත්‍රීය  නිබන්දනයට ආචාර්ය උපාදිය හිමිවිය.

පවතින සමාජ යතාර්තය පිළිබදව ඉතා සියුම්ලෙස විනිවිද දුටු සේකරයන් තම නිර්මාණ පරිකල්පණයෙන් සරළ වාග් මාලාවක් උපයෝගී කරගෙන අපූර්වතම නිර්මාණ බිහිකළේය. මහගමසේකරයන් රචනාකළ බොහෝ ගීත ගායනා කළේ අමරදේවයන් විසිණි. සේකරයන් අධ්‍යක්ෂණය කළ තුංමංහන්දිය චිත්‍රපටය, සිංහල සිනමාවට අඩසියවසක් පිරෙන අවස්තාව වනවිට තීබූ විශිෂ්ඨතම චිත්‍රපට 10 අතරවිය.

රදාවාන විදුහලෙන් මූලික අධ්‍යාපනය හැදෑරූ ඔහු මරදාන ටෙක්නිකල් කොලීජියෙන් උසස් අධ්‍යාපනය හැදෑරීය. ඉන් අනතුරුව රාජගිරිය හේවාවිතාරන විද්‍යාලයේ චිත්‍රකර්ම ගුරුවරයෙකු වශයෙන් ගුරුසේවයට එක්විය. නිර්මාණ කටයුතුවල කාර්යබහුලත්වය නිසා එයින් ඉවත්වී මුළු ජීවිත කාලයම නිර්මාණකරණයට යෙදවීය.

Facebook
Twitter
LinkedIn