ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් රාජ්‍ය අංශයේ වැටුප් රු. 10000 කින් ඉහළ දමන ලෙසත් පෞද්ගලික අංශයේ වැටුප් 40% කින් ඉහළ දමන ලෙසත් ආණ්ඩුවෙන් ඉල්ලා ඇතත් මෙතෙක් ඒ පිළිබඳව ආණ්ඩුව පාර්ශවයෙන් කිසිදු විධිමත් පිළිතුරක් ලබා දී නොමැති තත්වය තුළ දැඩි වෘත්තීය කි්‍රයාමාර්ග ගැනීම පිළිබඳව තීරණය කිරීමට එළඹෙන 16 දා කොළඹදී රැස්වන බව ජාතික වෘත්තීය සමිති මධයස්ථානය පවසයි.මේ බව සඳහන් වන්නේ ජාතික වෘත්තීය සමිති මධයස්ථානයේ කැඳවුම්කරු සමන්ත කෝලේආරච්චි මහතා විසින් නිකුත් කළ නිවේදනයකය.
එහි මෙසේද සඳහන් වෙයි. මේ අතර ආණ්ඩුව විසින් විසර්ජන පනත් කොටුම්පත ඔක්. 18 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට තීරණය කර ඇති බවත් අයවැය වාර්තාව නො. 21 වන දින ඉදිරිපත් කරන බවටත් මාධ්‍ය මගින් මේ වන විට තොරතුරු වාර්තා වී තිබේ.
වැටුප් වැඩිකරගැනීමේ සටනට අදාලව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය මගින් මූලික ක්‍රියාමාර්ග ගණනාවක් මේ වන විටත් දියත් කර තිඛෙන අතර මෙවර අයවැයෙන් පිළිගත හැකි විසඳුමක් ලබාදීමට ආණ්ඩුව කටයුතු නොකරන්නේනම් දැඩි වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීරණවීමට ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානය සූදානමින් සිටී.
මේ පිළිබඳව සාකච්ඡා කරගැනීම සඳහා ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික මෙහෙයුම් කමිටුවේ විශේෂ රැස්වීමක් ඔක්. 16 වන දින පෙ.ව. 9.00 ට කොළඹදී යොදාගෙන ඇති අතර මෙම විශේෂ රැස්වීම එම මධ්‍යස්ථානයේ සභාපති කේ.ඩී. ලාල්කාන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.
6









