ගොවිජනතාවට ලැබිය යුතු පොහොර හිගව පැවතීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා බළධාරීන්ගේ සහ නිළධාරීන්ගේ අවධානය යොමු කිරීමට, පසුගිය 12 වනදා පැවති මැදිරිගිරය ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වූ කවුඩුලුවැව ව්යාපාර ගොවි සංවිධානයේ සභාපතිවරයා ඇතුළු ගොවි නියෝජිතයින් සම්බන්ධීකරණ කමිටු රැස්වීමෙන් බලහත්කාරයෙන් ඉවත් කිරීමට කටයුතු කළ සම්බන්බන්ධීකරණ කමිටුවේ සභාපති පොහොට්ටු පක්ෂයේ රාජ්ය අමාත්ය මන්ත්රී රොෂාන් රණසිංහ මහතා ඇතුළු පිරිමට ගොවි ජනතාව සිය විරෝධය පළකර සිටිති.
ශ්රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන සමිත මන්ත්රීවරයා ඔහුගේ නිවස ඉදිරිපිට මාර්ගයෙන් බර වාහනවලට ගමන් කිරීමට ඉඩ නොදීමට ගෙන ඇති පුද්ගලික තීරණයක් මත පොහොර ගබඩාව වෙත පොහොර ගෙනයාමට බාධා එල්ලවී ඇති අතර එදින සම්බන්ධීකරණ කමිටුවේ පොහොර ප්රශ්නය සාකච්ඡාවූවේනම් එම මන්ත්රීවරයා පොහොර ප්රවාහණයට ඉඩ නොදීම පිළිබඳ ප්රශ්නයද ස්මතුවන බැවින් එම ශ්රීලනිප මන්ත්රීවරයා සම්බන්ධීකරණ කමිටුවට පැමිණි සැනින් සභාපති පාර්ලිමේන්තු රාජ්ය අමාත්ය රොෂාන් රණසිංහ මහතාට සඳහන් කර ඇත්තේ මෙහි සම්බන්ධීකරණ කමිටුවට අයත් නොවන පිරිසක් සිටන බැවින් වහාම ඔවුන් කමිටුවෙන් ඉවත් කළ යුතු බවයි.
ඒ අනුව සම්බන්ධීකරණ කමිටුවට අදාළ නොවන පිරිසට ඉවත්ව යන ලෙස සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පොහොට්ටු පාර්ලිමේන්තු රාජ්ය අමාත්ය රොෂාන් රණසිංහ මහතාද නියෝග කර ඇත. එවැනි පිරිසක් පිටත්ව ගොස් ඇතත් කවුඩුලුවැව ව්යාපාර ගොවි සංවිධානයේ සබාපති කේ.ජී අශෝක කරුණාසේන මහතා ඇතුළු ගොවි නියෝජිතයින් හින් පෙරද මෙම සම්බන්ධීකරණ කමිටුවට සහභාගී වන බැවින් පිටත්ව ගොස් නැත.
එහිදී සභාපතිවරයා ඇතුළු පිරිස ඔවුන්ටද පිටත්ව යන ලෙස දන්වා තිබේ. එහිදී නැගී සිටි කවුඩුලුවැව ව්යාපාර ගොවි සංවිධානයේ සභාපති කේ.ජී අශෝක කරුනාසේන මහතා පවසා ඇත්තේ තමන ඇතුළු පිරිස පැමිණියේ ගොවි ජනතාව මුහුනදෙන පොහොර හිඟය හේතුවෙන් දැඩි පීඩාවකට පත්වන බැවින් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට බවය. මින් පෙරද තමන් ගොවි ගැටළු ඉදිරිපත් කිරීමට මෙම සම්බන්ධීකරණ කමිටු රැස්වීමට සහභාගී වන බව ඔහු පෙන්වා දී ඇත. කෙසේ වෙතත් ගොවි නායකයින්ගේ ඉල්ලීම් ඉවත් දමමින් මැදිරිගිරිය ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පොහොට්ටු රාජ්ය අමාත්ය මන්ත්රී රොෂාන් රණසිංහ මහතාගේ නියෝග පරිදි කවුඩුලුවැව ව්යාපාර ගොවි සංවිධානයේ සභාපති කේ.ජී අශෝක කරුණාසේන මහතා ඇතුළු ගොවි නියෝජිතයින් බලහත්කාරයෙන්ම ඉන් ඉවත් කර ඇත.
එම අවස්ථාවේ එම ක්රියාවට එරෙහිව අදහස් දක්වා ඇති මැදිරිගිරිය ප්රාදේශීය සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්රී සුරේෂ් ඉඳුනිල් මහතා මන්ත්රී රොෂාන් රණසිංහ මහතා ඇතුළු වගකිවයුත්තන් දැඩිව විවේචනයට ලක් කර ඇත. එහිදී ඔහු පවසා ඇත්තේ නොමිලයේ පොහොර ලබා දෙන බව පවසා බලයට ආණ්ඩුව මුදලට හො බලා ගැනීමට නොදෙන තත්වයක් උදා වී ඇති බවයි. එවැනි තත්වයක් යටතේ ගොවි ජනතාව තමන්ගේ ප්රශ්න කතාකරගැනීමට පැමිණි පසු කණෙන් ඇද එළියට දමන තත්වයක් උත්ගතව ඇති බවයි.
වත්මන් ආණ්ඩුවේ වගකිවයුතු ඇමතිවරයෙකු ලෙස මහවැලි සංවර්ධන රාජ්ය අමාත්ය ධුරයේ කටයුතු කරන රොෂාන් රණසිංහ මහතා මැදිරිගිරිය ප්රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සභාපතිවරයා ලෙස කටයුතු කරන ආකාරයත් ගොවි ජනතාව අරබයා අනුගමණය කරන මෙම දැඩි මර්ධනයකාරී පිළිවෙතත් හේතුවෙන් ගොවි ජනතාව තව තවත් පීඩාවට පත්වන බවයි.
එම කිසිවකට කන් නොදී රොෂාන් රණසිංහ රාජ්ය අමාත්යවරයා ගොවි ජනතාවට එරෙහිය කටයුතු කිරීම දැඩි පිළිකුළෙන් හෙලා දකිමින් මේ වනවිට ගොවි ජනතාව විරෝධය දක්වමින් සිටින අතර කවුඩුලුවැව ව්යාපාර ගොවි සංවිධානය මගින් ඊට එරෙහිව විරෝධතා පෝස්ටර් ව්යාපාරයක්ද දියත් කර ඇත.










