මේ වසරේ රජයේ වියදම කෝටි 36,700කින් වැඩි කරයි – මුළු වියදම කෝටි 112,400ක් කරයි

මේ වසරේ රජයේ වියදම කෝටි 36,700කින් වැඩි කරයි – මුළු වියදම කෝටි 112,400ක් කරයි

මේ වසරේ (2020) රජයේ මුළු වියදම සඳහා ඉකුත් ඔක්තෝම්බර් මස 23 වැනිදා එවකට හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් ඒකාබද්ධ අරමුදලින් රුපියල් කෝටි හැත්තෑ පන්දහස් හත්සියයක් (රු. කෝටි 75,700) වෙන් කර තිබූ අතර වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා එම වියදම රුපියල් කෝටි එක්ලක්ෂ දොලොස්දහස් හාරසියයක් (රු. කෝටි 112,400) දක්වා තවත් රුපියල් කෝටි තිස් හයදහස් හත්සියයකින් (රු. කෝටි 36,700) ඉහළ දමා තිබේ.

ඒ අනුව හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මේ වසරේ (2020) රජයේ මුළු වියදම සඳහා ඒකාබද්ධ අරමුදලින් රුපියල් කෝටි හැත්තෑ පන්දහස් හත්සියයක් (රු. කෝටි 75,700) වෙන් කරමින් ඉදිරිපත් කළ පරිපූරක ඇස්තමේන්තුව රුපියල් කෝටි එක්ලක්ෂ දොලොස්දහස් හාරසියයක් (රු. කෝටි 112,400) දක්වා සංශෝධනය කිරීමේ යෝජනාව වත්මන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් අද (18) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

අද දින මෙම යෝජනාව මුදල් කාරක සභාවට ඉදිරිපත් කර එම කෙටුම්පත ලබන 20වනදා ඒ පිළිබඳව විවාදය පැවැත්වීමට නියමිතය.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්