මිග් යානා වංචාව සම්බන්ධයෙන් සිදුවන විමර්ශනයකට අදාළව රතු වරෙන්තු නිකුත් කර තිබියදී පවා අධිකරණය මග හැර සිට පසුගිය 14 වනදා අළුයම දිවයිනට පැමිණීමෙන් පසු කටුනායක ගුවන් තොටුපලේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කළ රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතා ලබන 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්රාත් රංග දිසානායක මහතා අද (17) නියෝග කර තිබේ.
ඒ ඔහු අද අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුවය.
මිග් යානා මිලදී ගැනීමේ දී සිදුව ඇති වංචාව සම්බන්ධයෙන් පොලිස් මූල්ය අපරාධ විමර්ශන කොට්ඨාශය පසුගිය සිදුකළ විමර්ශනයකට අදාළව උදයංග වීරතුංග මහතා සැකකරුවෙකු ලෙස නම් කර තිබුණි.
ඔහු අධිකරණය මගහැර සිටීම නිසා දුටුතැන ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා අධිකරණය විසින් වරෙන්තු නිකුත් කර පසුව ජාත්යන්තර පොලීසිය වෙතද රතු නිවේදන නිකුත් කර තිබිණි.
රුසියානු තානාපති කාර්යාලයේ සේවය කළ මෙරට සෙරවකයෙකු ඝාතනය කිරීම සම්බන්ධයෙන්ද උදයංග වීරතුංග මහතාට චෝදනා එල්ල වී ඇත.









