අප්රිකාව පුරා මේවන විට ව්යාප්තව සිටින කාන්තාර පළඟැටියන් ලංකාවටද පැමිණීමේ අවදානමක් තිබෙන බවට අනතුරු ඇඟවේ.
එසේ හෙයින් ගොවි ජනතාව ඒ පිළිබඳ අවධානයකින් සිටිය යුතු බව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසයි.
එම පළගැටියා පිළිබඳ විස්තර හා වගාවලට හානි සිදු කරන ආකාරය පිළිබඳ ගොවීන් දැනුවත් කිරීමේ වැඩසටහනක්ද ආරම්භ කරන බව එම දෙපාර්තමේන්තුවේ තොරතුරු හා සන්නිවේදන මධ්යස්ථානයේ මාධ්ය සම්බන්ධීකාරක සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා පවසයි.
සමූහ වශයෙන් මෙම පළඟැටියන් ගැවසෙන බවත්, ඔවුන් ගස්වල පොතු, කොළ හා ඵලදාවට විශාල ලෙස හානි සිදුකරන බවත් ඔහු ප්රකාශ කළේය. අප්රිකාවෙන් වාර්තා වන පළඟැටියන් මේ වනවිට ඉන්දියාවෙන්ද වාර්තා වී තිබෙන නිසා සුළං මගින් ලංකාවට පැමිණීමේ අවදානමක් තිබෙන බවද සහකාර කෘෂිකර්ම අධ්යක්ෂ සනත් එම්. බණ්ඩාර මහතා මාධ්ය වෙත ප්රකාශ කර තිබේ.
විශාල රංචු වශයෙන් පළඟැටියන් වාර්තා වන්නේ නම් වහාම ඒ පිළිබඳ ප්රදේශයේ කෘෂිකර්ම නිලධාරීන් දැනුවත් කරන ලෙසට සියලුම දෙනාගෙන් ඉල්ලා සිටින බවද ඔහු කියා සිටියි.














