හිටපු විභාග කොමසාරිස්ගේ දුරකථන වියදම මෙන්න

උසස් පෙළ විකෘති ප්‍රතිඵල නිකුත් කිරීම පිළිබද වගකිව යුතු ප්‍රධාන නිලධාරියා වන හිටපු විභාග කොමසාරිස් අනුර එදිරිසිංහ මහතාගේ මාසික දුරකථන බිල්පත රුපියල් 162936/= ක් වී තිබූ තිබූ බව හෙලිවේ.

ඔහු විශ්‍රාම යාමට පෙර 2010-10-16 දින සිට 2010-11-15 දින දක්වා මාසය තුළ පරිහරණය කිරීම වෙනුවෙන් ඉහත බිල්පත ගෙවීමට සිදුවී ඇත. මෙම මුදල ගෙවීම පැවරී තිබුනේ විභාග දෙපාර්තමේන්තුව අයත්වන අධ්‍යාපන අමාත්‍යාංශයටය. අප වෙත දැනට හෙලිවී තිබෙන තොරතුරු අනුව හිටපු විභාග කොමසාරිස් වරයාගේ නාස්තිකාර වියදම් පිළිබද  මෙය එක් උදාහරණයකි.

Facebook
Twitter
LinkedIn