ආණ්ඩුවේ බලවතුන් තේ අපනයනය කරන ව්‍යාපාරිකයන් වෙත එල්ලකරන පීඩනය සහ ලෝක වෙළදපලේ ශ්‍රී ලංකාවේ තේ නිෂ්පාදන වලට තිබෙන ඉල්ලුම පහත වැටීම හේතුවෙන් මේ වන විට තේ කර්මාන්තය බිදවැටීමේ බරපතල අනතුරක් මතුවී තිබේ.
තේ කම්හල් හිමියන් සදහන් කරන අන්දමට මේ වන විට රජයට අයත්ව තිබෙන කළමණාකාරීත්වය පෞද්ගලික අංශයට පවරන ලද වතු සමාගම් එම කළමණාකරණ කටයුතු වලින් ඉවත්වීමේ සූදානමක්ද පවතී. එම ආරංචිමාර්ග වැඩිදුරටත් සදහන් කරන්නේ පෞද්ගලික අංශය එසේ ඉවත් වුවහොත් රජයේ අකාර්ය්‍යක්ෂම සහ සැලසුමකින් තොර කළමාණාකාරීත්වය නිසා ලංකාවේ තේ කර්මාන්තය ප්‍රපාතයට වැටෙනු ඇති බවයි.
කොළඹ තේ වෙන්දේසියේ ගණුදෙනු වලට ආණ්ඩුවේ දේශපාලන බලවතුන් කරන බලපෑම් නිසා තේ අපනයනය කරන ප්‍රමුඛ සමාගම් කිහිපයක්ද ව්‍යාපාර වලින් ඉවත්වීමේ සූදානමක් තිබෙන බව අනාවරණය වේ.
4









