“මම වියත්මගටත් ගැලපෙන කෙනෙක්… මට ඇමතිකමක් සුදුසු නැහැ කියලා හිතන්නේ නැහැ…”

“මම වියත්මගටත් ගැලපෙන කෙනෙක්… මට ඇමතිකමක් සුදුසු නැහැ කියලා හිතන්නේ නැහැ…”

තමන් වියත්මටත් ගැනපෙන වර්ගයේ මහජන නියෝජිතයෙකු බවත් තමන්ට ඇමතිධුරයක් ලැබීමට සුදුසුකමක් නැතැයි තමන් විශ්වාස නොකරන බවත් පැවති රාජපක්ෂ ආණ්ඩුවේ මෙන්ම රනිල් – මෛත්‍රී ආණ්ඩුවේ ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ ඩිලාන් පෙරේරා මහතා අවධාරණය කරයි.

ඒ මහතා සතිඅන්ත පුවත්පතකට ප්‍රකාශයක් ලබාදෙමින් මේ බව ප්‍රකාශ කර ඇති අතර එහිදී “මගේ උගත්කම අනුව මගේ සුදුසුකම් අනුව මට ඇමති ධුරයක් සුදුසු නෑ කියලා මං හිතන්නේ නැහැ. මම ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඉන්නකොටත් මේ පක්ෂ දෙක එකතු කරන්න පාවඩ දාපු මිනිහෙක්. මට පෞද්ගලිකව ඇතිවෙලා තියෙන කලකිරීම් ගැන මං ඒතරම් ගණන් ගන්නේ නැහැ.

ගෝඨාභය රාජපක්ෂ මහත්තයාට උදව් කරපු ධාරාවන්වලින් 80%ක්ම වගේ මට පිළිගත හැකි ධාරාවන්. මම ශ්‍රී ලංකා එකට ගැලපෙනවා. මං වියත් මගට ගැලපෙනවා…” යැයි පවසා ඇත.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්