වන අලියෙකුගේ පහරදීමෙන් 12 හැවිරිදි දැරියක් මරුට

වන අලියෙකුගේ පහරදීමෙන් 12 හැවිරිදි දැරියක් මරුට

දිඹුලාගල ඇල්ලේවැව ප්‍රදේශයේදී වන අලියෙකු සිදුකළ පහරදීමකින් 12 හැවිරිදි දැරියක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

අද(30) අලුයම 3.00ට පමණ දැරිය මෙම අනතුරට මුහුණදී ඇති අතර ඒ වනවිට ඇය සිය වැඩිමහල් සොහොයුරිය සමඟ නිවසින් පිටත රැදී සිට ඇත.

වන අලින් නිරන්තරයෙන් ගම්වදින බවට ප්‍රදේශවාසීන් සිදුකරන පැමිණිලි අදාල බලධාරීන් සැළකිල්ලට නොගන්නාබව ප්‍රදේශවාසීන් චෝදනා කරයි.

සිද්ධිය සම්බන්ධව අරලගන්විල පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්