රෝහලෙන් ලබාදියයුතු සෞඛ්‍ය උපකරණ බොහොමයක් රජයේ රෝහල් වලට රෝගීන් ඇතුල්ත්වීමේදීම ගෙන යායුතු තරමට නිදහස් සෞඛ්‍ය සේවය බිද දමා තිබෙන පසුබිමක එම රෝහල්වල ගෙවන වාට්ටු පිහිටුවීමට ආණ්ඩුව ගන්නා උත්සාහය පරාජය කරන බව සමස්ත ලංකා සුවසේවා සංගමය අවධාරනය කරයි. අද (10) උදේ එම සංගම් කාර්යාලයේදී පැවැත්වූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි සභාපති හෙද නිලධාරී ගාමිණී කුමාරසිංහ මහතා පැවසීය.
රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පිහිටුවීමෙන් ප්‍රතිකාර ගැනීමට ඇතුළත්වන රෝගීන් කොටස් දෙකකට බෙදෙන බවත් ඒ අනුව මුදල් ගෙවන රෝගීන්ට වැඩි සැලකිලි ලැබීම අනිවාර්ය බව මෙන්ම එසේ නොවන රෝගීන්ට අඩු සැලකිලි ලබාදීමේ අනතුරද මේ තුළ පවතින බව පැවසීය. යෝජිත පිළිවෙත නිසා රෝගීන්ගේ මූලික අයිතිවාසිකම් පවා උල්ලංඝණය වන්නේ යැයි හෙළිකලේය. පසුගිය 2011 වසරේදී අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 71ක් රජයේ රෝහල්වල හිගවූ අතර ප්‍රමිතියෙන් බාල ඖෂධ වර්ග 100 ක් ගැන හදුනාගත් බවද මෙයින් නිදහස් සෞඛ්‍ය සේවය අඩාල කර රජයේ රෝහල් තුළම මුදල් ගෙවීමේ ක්‍රමයට මාරුවීමට ආණ්ඩුව කයුතු කරන බව කීය.
මෙවැනි තත්වයක් තුළ රජයේ රෝහල්වල ගෙවන වාට්ටු පිහිටුවීමේ ආණ්ඩුවේ ප්‍රතිපත්තිය අනිවාර්යෙන්ම පරාජය කළ යුතු තත්වයක් බවත් මෙයට වසර 12 කට පෙර රෝහල්වල ආරක්ෂාව පෞද්ගලික අංශයට බාරදුන් බවද එහි සනීපාරක්ෂාව මෙයට වසර 8 කට පෙර පෞද්ගලික අංශයට බාරදීමෙන් මේ අංශ දෙකම අඩපණ වී ඇතැයි අමාත්‍යාංශයම පිළිගෙන ඇති බවත් හෙළි කලේය. ගෙවන වාට්ටු පිහිටුවීම නිදහස් සෞඛ්‍ය සේවාව සම්පූර්ණයෙන්ම බිද දැමීමට තීරණාත්මක ලෙස ඉවහල්වන මුල් පියවර වන්නේ යැයිද මෙයට විරුද්ධව ඇමතිවරයා හමුවී ලිඛිතව තම සංගමය කරුණු දක්වන බව පැවසීය. එම හඩට ආණ්ඩුව කන් නොදෙන්නේ නම් මහජනතාව සමග එක්වී වෘතීය සමිති ක්‍රියාමාර්ග ගැනීමට සිදුවනු ඇති බව අනතුරු ඇගවීය.









