ඩැලේට ධවල මන්දිරය එපාවෙයි

 

ධවල මන්දිර කාර්ය මණ්ඩල ප්‍රධානී බිල් ඩැ‍ලේ සිය ධූරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි ධවල මන්දිර ආරංචි මාර්ග සදහන් කරයි. මෙම තීරණය සම්බන්ධයෙන් බිල් ඩැලේ මහතා ප්‍රකාශ කර ඇත්තේ සිය උපන්නගරය වන චිකාගෝ වෙත ගොස් පවුලේ සාමාජිකයින් සමග කාලය ගත කිරීමට අවශ්‍යබවයි.

කෙසේ වෙතත් ඇමරිකානු ජනාධිපති බැරක් ඔබාමා පවසන්නේ ඩැලේ ගේ මෙම තීරණය හේතුවෙන් තමන් අසීරුතාවට පත්ව ඇති නමුත් ඒ සදහා තමන් විසින් අනුමැතිය ලබාදුන් බවයි.

 

Facebook
Twitter
LinkedIn

උණුසුම් පුවත්