විදුහල්පතිවරුන් 19ක් අඩුයි. විෂය අධ්‍යක්‍ෂවරු 13ක් අඩුයි. හැම පාලසකටම ගුරුවන් දෙතුන්දෙනා බැගින් හෝ අඩුයි.
හොරණ අධ්‍යාපන කලාපයේ ගුරුවරුන් විදුහල්පතිවරුන් හා විෂය අධ්‍යක්‍ෂවරුන්ගේ උග්‍ර හිඟයක් පවතින බව කලාප අධ්‍යාපන අධ්‍යක්‍ෂිකා යූ. වී. මොලිකාන්ති මහත්මිය දිනපතා පුවත්පතකට පවසා ඇත.
විශේෂයෙන් බස්‌නාහිර පළාතේ අධ්‍යාපන කලාප ගත්විට ගුරු අතිරික්‌තයක් පවතින බවත් හොරණ නගරයේ ඇති ජාතික පාසල්වලද ගුරු අතිරික්‌තයක් පවතින බවත් පවසා ඇති ඇය මෙම කලාපයේ ගුරු විදුහල්පති හා විෂය අධ්‍යක්‍ෂවරුන්ගේ හිඟතාවය හේතුවෙන් තමන් ගැටලු රැසකට මුහුණ පා සිටින බවත් පවසා තිබේ.
විදුහල් 19 කම විදුහල්පතිවරුන් නොමැති බව පවසන ඇය එම විදුහල්වල ජ්‍යෙෂ්ඨ ගුරුවරුන් යොදවා වැඩ කරගෙන යන බවත් එම ගුරුවරුද දැඩි අකැමැත්තෙන් එම රාජකාරි සිදු කරන බවත් ඇය පවසා තිබේ.
එක් පාසලක ගුරුවරුන් දෙතුන්දෙනකු අඩුවූ විට එක් ගුරුවරයකු යොදවා එම අඩුපාඩුව පුරවා ගන්නා බව සඳහන් කරන ඇය විෂය අධ්‍යක්‍ෂවරු 20 දෙනකු පමණ අවශ්‍ය නමුත් ඉන්නේ 07 දෙනකු පමණ බව ඇය වැඩිදුරටත් පවසා ඇත.









