මෙරට සිටින හෘද සහ උරස් ශල්‍ය වෛද්‍යවරුන් රාජ්‍ය සේවය හැරයන තත්වයක් උදාවී ඇතැයි වාර්තා වේ.
දැනට ලංකාවේ සිටින්නේ එවැනි වෛද්‍යවරුන්12 දෙනෙකු පමණක් බවත් එම 12 දෙනාගෙන් තුන්දෙනෙකු පසුගිය මාස කිහිපය තුළ රාජ්‍ය සේවයෙන් ඉවත්වී ඇති බව සඳහන් වේ.
මේ පිළිබඳව මාධ්‍ය වෙත අදහස් දක්වමින් වෛද්‍යවරයෙක් කියාසිටියේ, වැඩිවශයෙන් වාර්තාවන හෘද රෝගීන්ගේ සැත්කම් සිදුකිරීමේදී මෙම වෛද්‍යවරුන් විශාල කාර්යභාරයක් සිදුකරන බවත් එසේ තිබියදී මෙවැනි වෛද්‍යවරුන් රාජ්‍ය සේවයෙන් ඉවත්වීමෙන් රාජ්‍ය සෞඛ්‍ය සේවය බරපතල ගැටලූවකට ඉදිරියේදී මුහුණදීමේ අවදානමක් ද මතුව ඇති බවත්ය.
මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ ඔහු පවසා සිටියේ, ප‍්‍රමාණවත් වැටුපක් නොලැබීම හේතුවෙන් මෙම වෛද්‍යවරුන් රාජ්‍ය සේවයෙන් ඉවත් වන බවයි.
2








