අද (31) අද සවස 6.ට පමණ මහා වැසි සමග හමාගිය දැඩි චණ්ඩ මාරුතයෙන් ප්‍රදේශ රැසකට හානි සිදුව ඇතැයි වාර්තා වේ.
වර්ෂාවත් සමග හමාගිය දැඩි සුළං තත්වය හේතුවෙන් ප්‍රදේශ රැසක මාර්ගවලට ගස් කඩාවැටී ඇති අතර රත්මලානේ වෙරළ අයිනේ ගෙවල් 10ක්ද මුහුදට සේදී ගොස් තිබේ.
මීට අමතරව කල්අඩිය, කොට්ටුකච්චිය, පල්ලම, මුන්දලම, තබ්බෝව ආණමඩුව ඇතුළු ප්‍රදේශ කිහිපයකත් පුත්තලමේ ප්‍රදේශ කිහිපයකටත් සුළඟින් හානි සිදුව ඇති බව පැවැසේ.
මෙම තත්වය තුළ පළාත් කිහිපයක විදුලිය ඇනහිට තිබෙන බවත් වැඩිදුරටත් වාර්තා වේ.
2








