දින කිහිපයක සිට දිවා රාත්‍රි දෙකෙහිම නොකඩවා නුවරඑළිය ප්‍රදේශයට ඇදහැළෙන ධාරානිපාත වර්ෂාව හේතුවෙන් නුවරඑළියේ අර්තාපල්, එළවළු සහ මල් මිල පහත බැස තිබේ. එම වගාවට දරාගත නොහැකි තරමට වර්ෂාව ඇද හැළීමෙන් ඒවා කුණුවන තත්ත්වයට පත්ව තිබේ.
මේ හේතුවෙන් එළවළු සහ මල් වගාකරන්නෝ තම නිෂ්පාදනය සාධාරණ මිලකට අලෙවි කරගත නොහැකිව දැඩි අසීරුතාවට පත්ව සිටිති.
මේ තත්ත්වය තුළ තැරැව්කාරයෝ කුණු කොල්ලයට එම නිෂ්පාදන මිලදී ගැනීමට පෙළැඹී සිටිති.
මිල අඩුවීමත් සමගම එළවළු තොග කිලෝවක මිල ගෝවා රුපියල් 53.00 ක්, ලික්‌ස් රුපියල් 38.00, කොළ බීට් රුපියල් 38.00, කොළ කැපූ බීට් රුපියල් 50.00, අර්තාපල් රුපියල් 75.00 යි. රාබු රුපියල් 35.00, තක්‌කාලි රුපියල් 35.00, කැරට් රුපියල් 100.00. වශයෙන් දැක්වේ.
12









