ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා – විජිත් විජිමුනි සොයිසා

මේ වනවිට දේශපාලන ‍ක්ෂේත්‍රයේ කතාබහට ගක්වෙමින් තිබෙන ප්‍රධානතම මාතෘකාව වන අග්‍රවිනිජ්‍යකාරවරියට එරෙහිව දොෂාභියෝගයක් ගෙනඒම සම්බන්ධයෙන් මෙතෙක් කලක් මුනිවත රකිමින් සිටි ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකුගේ මුවින් ඒ සම්බන්ධයෙන් ප්‍රකාශයක් එලියට පැන ඇත.

ඒ පෙරේදා රෑපවාහිණී නාලිකාවක විකාශයවූ දේශපාලන වැඩසටහනකදීය. එහිදී විපක්ෂයෙන් පැමිණි මන්ත්‍රීවරයා විමසන පැනයකට (අපේරටේ අග්‍රවිනිච්‍යකාරවරියට එරෙහිව දෝෂාභියෝගයක් ගේන්නේද?) පිළිතුරු ලබාදෙමින් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය විජිත් විජිතමුණි සොයිසා මහතා පැවසූවේ “ඔව් අපි විශ්වාසභංගයක් ගේනවා. මමත් ඒකට අත්සන් කලා” යනුවෙනි.

මේ වනවිට එයට එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ ඇමතිවරුන්, නියෝජ්‍ය ඇමතිවරුන් සහ මන්ත්‍රීවරුන් 117දෙනෙකුට වැඩි පිරිසක් අත්සන් තබා ඇති බවත් එම ආණ්ඩුවේ සියලුම පක්ෂනායකයින් මෙයට අනුමැතිය ලබාදී ඇති බවත් ඊයේ (31) දිනයේ මාධ්‍ය වාර්තාකරන ලදී.

බොහෝ දුරට එම දොෂාභියෝගය අද (01) කතානායකවරයා වෙත භාරදෙනු ඇත.

ආශ්‍රිත පුවත්

අගවිනිසුරුවරිය ඉවත් කිරීමට ආණ්ඩුව කුමන්ත්‍රණයක – අනුර

අගවිනිසුරුවරියට එරෙහි දෝෂාභියෝගය සූදානම් ?

Facebook
Twitter
LinkedIn