පාසල් 12ක තෙවැනි අධ්‍යන වාරය ඇරඹීම සැප්තැම්බර් 16

පාසල් 12ක තෙවැනි අධ්‍යන වාරය ඇරඹීම සැප්තැම්බර් 16

අධ්‍යන පොදු සහතිකපත්‍ර උසස් පෙළ විභාගයේ පළමු අධියර පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු වෙනුවෙන් යොදා ගන්නා පාසල්වල තෙවැනි පාසල් වාරය ලබන 16 වැනිදා ආරම්භ වන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

සෙසු රජයේ පාසල් සහ අනුමත පෞද්ගලික පාසල්වල තෙවැනි පාසල් වාරය සැප්තැම්බර් 2 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.

උසස් පෙළ පිළිතුරු පත් ඇගයීමේ කටයුතු සඳහා පාසල් 12ක් පූර්ණ වශයෙන් යොදා ගැනෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරයි.

එම පාසල් වනුයේ කොළඹ රාජකීය විද්‍යාලය , නාලන්දා විද්‍යාලය, හින්දු විද්‍යාලය, කළුතර ඥානෝදය මහා විද්‍යාලය, රත්නපුර මිහිඳු විද්‍යාලය, කුරුණෑගල ශාන්ත ආනා විද්‍යාලය, මහනුවර කිංග්ස්වුඩ් විද්‍යාලය, මහනුවර විහාරමහාදේවි බාලිකා විද්‍යාලය, මහනුවර සීතාදේවි බාලිකා විද්‍යාලය, ගාල්ල විද්‍යාලෝක විද්‍යාලය, බදුල්ල විහාරමහාදේවි බාලිකා විද්‍යාලය සහ බදුල්ල ඌව මහා විද්‍යාලය යන පාසල් ය. එම පාසල්වල තෙවැනි වාරය සැප්තැම්බර් 16 වැනිදා ආරම්භ වේ.

Facebook
Twitter
LinkedIn