ප්‍රකට උල්කාපාත වර්ෂාවක් වන පර්සීඩ් උල්කාපාත වර්ෂාව මෙම මස 10හා 13 යන දිනයන්හිදී උපරිම ත්වීරතාවයෙන් දර්ශනය වන බව ග්රී ලංකා ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි.
පසුගිය ජූලි මාසයේ සිට ක්‍රම ක්‍රමයෙන් වර්ධනය වුණ මෙම උල්කාපාත වර්ෂාවෙන් අගෝස්තු 10 වනදා වනවිට පැයකට උල්කාපාත 15ක් පමණ ද අගෝස්තු 11,12 සහ 13 යන දිනයන් වන විට පැයකට උල්කාපාත 50 ක් පමණ වශයෙන් ද දර්ශනය වන බවත් අහස හරහා ඇදී යන දීප්තිමත් ආලෝකධාරා වශයෙන් මෙම උල්කාපාත පියවි ඇසට දැකගත හැකි වන බව ද ග්‍රහලෝකාගාරය ප්‍රකාශ කරයි.
වළාකුළුවලින් තොර පැහැදිළි අහසක් පැවතියහොත් ඉහත දිනයන්හිදී මධ්‍යම රාත්‍රියේ සිට පසුදා පාන්දර වනතෙක් ඊසාන දිග අහස නිරීක්ෂණය කිරීමෙන් මෙය දැක බලා ගත හැකිය.
මේ පිළිබඳව තව දුරටත් අදහස් දක්වන ග්‍රහලෝකාගාරය පවසන්නේ මෙම වර්ෂය අවසානයේ තවත් උල්කා වර්ෂා කිහිපයක්ම පෙනුනත් වර්ණවත් වැඩි උල්කාපාත ප්‍රමාණයක් දෙසැම්බර් මස 14 වන දා මිථුන රාශිය අසලින් පෙනෙන ජෙමිනිඞ්ස් උල්කා වර්ෂාව මගින් දැකගත හැකිවන බවය.








