විශේෂ කාරක සභාව හමුවට ජනපති කැඳවීම ගැන එකඟතාවයකට එනවා…

විශේෂ කාරක සභාව හමුවට ජනපති කැඳවීම ගැන එකඟතාවයකට එනවා…

පාස්කු ඉරිදා එල්ලකළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බැලීමට පත් කළ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවට ජනාධිපතිවරයා කැඳවීම සම්බන්ධයෙන් කමිටු සාමාජිකයින් සාකච්ඡා කර එකඟතාවකට පැමිණෙන බව එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා පවසයි.

කමිටුවේ කටයුතු මේ මස 23 වැනිදායින් අවසන් වීමට නියමිතව ඇති අතර කමිටුවේ අවසන් වාර්තාව සකස් කිරීමට කාලය තවත් මසකින් දීර්ඝ කර ගැනීම සඳහා කථානායකවරයාගෙන් අවසර ලබා ගැනීමට කටයුතු කරන බවද එහි සභාපති නියෝජ්‍ය කථානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කරයි.

Facebook
Twitter
LinkedIn