පොහොට්ටුව සමග සාකච්ඡා අවසන්… අපි ‌වෙනම ගමනක් යනවා…

පොහොට්ටුව සමග සාකච්ඡා අවසන්… අපි ‌වෙනම ගමනක් යනවා…

මහින්ද පිල ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් සමග සාකච්චා සිදුකරමින් තිබෙන අතරතුර ඒම සාකච්ඡාවල ඒකඟතාවයකින් තොරව ඊයේ මහින්ද පිලේ ජනාධිපති අපේක්ෂකයා ලෙස හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාව නම් කළ අතර ඊට ප්‍රතිචාර දක්වමින් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතා මධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුනේ පොදුජන පෙරමුණේ  ජනපති අපේක්ෂකයා නම් කිරීමෙන් පසුව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ඔවුන් සමග තවදුරටත් කිරීමට ඇත්තේ කවර සාකච්ඡාවක්ද යන්න තමාට ප්‍රශ්නයක් පැන නගින බවයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට උපක්‍රමිකව අවශ්‍ය වූයේ ශ්‍රීලනිපය එතැනට තල්ලු කිරීමට යැයිද ජනාධිපතිවරයා ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පත්කළ බහුතරය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය පාවා දී ඇතැයිද දයාසිරි ජයසේකර මහතා චෝදනා කරයි.

සමුළුවක් සංවිධානය කිරීම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අයිතියක් වුවද පක්ෂයක් හැටියට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට ආරාධනා නොකොට මන්ත්‍රීවරුන්ට වෙන වෙනම ආරාධනා පත් යැවීම සදාචාරසම්පන්න නැතැයි ද මහ ලේකම්වරයා අවධාරණය කරයි.

ජනාධිපතිවරණයෙන් දේශපාලනය අවසන් නොවන්නේ යැයිද ඉන් පසුවත් පක්ෂයට නායකත්වය දෙන්නට මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයාට හැකි යැයි ද දයාසිරි  ජයසේකර මහතා සඳහන් කරයි.

සිය පුද්ගලික ලාභ ප්‍රයෝජන තකා පක්ෂය පාවා දීම ලංකාවේ දේශපාලනයේ අනන්‍ය ලක්ෂණයක් යැයි කී ඒ් මහතා බඩගෝස්තරවාදයට වැටුණු දේශපාලකයන් සම්බන්ධයෙන්  ඊළඟ මහමැතිවරණයේදී ජනතාව තීරණයක් ගනු ඇතැයි ද අවධාරණය කළේ ය.

ශ්‍රී ලාකා නිදහස් පක්ෂයට සංවිධායකවරුන් 160ක් හා ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් 1100ක් සමග කොඳු ඇති විශාල පාක්ෂිකයන් සංඛ්‍යාවක් ඇතැයි කී මහලේකම්වරයා ඔවුන් සමග එක්ව පක්ෂය ප්‍රතිසංවිධානය කර ඉදිරියට ගෙන යන්නේ යැයි ද ප්‍රකාශ කළේය.

Facebook
Twitter
LinkedIn