රුපියල් මිලියන 21ක මාසික කුලී පදනම මත ලබාගත් පෞද්ගලික ගොඩනැගිල්ලකට කෘෂිකර්ම අමාත්‍යාංශය රැගෙන යාමෙන් මහජන මුදල් නාස්තියක් සිදුකර ඇති බවට ලැබී ඇති පැමිණිල්ලට අදාලව සාක්ෂි විමසීම සඳහා ප්‍රසිද්ධ රංගන ශිල්පිනී සබීතා පෙරේරා මහත්මිය ජනාධිපති පරීක්ෂණ කොමිසමේ පොලිස් ඒකකය වෙත අද(01) කැඳවා තිබේ.
අදාල ගොඩනැගිල්ල කෘෂිකර්ම අමාත්‍යාංශය වෙත ලබාදීමේදී එහි අයිතිකාර පාර්ශ්වය නියෝජනය කරමින් සබීතා පෙරේරා මහත්මිය අත්සන් තබා තිබේ.
ඊට අමතරව පැමිණිල්ලට අදාල සාක්ෂි විමසීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවේ ප්‍රධාන තක්සේරුකරු ද කොමිසම හමුවට කැඳවා ඇත.
මීට ඉහත අවස්ථාවක කෘෂිකර්ම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් හිමාලි හඳුන්හේවා මහත්මිය ජනාධිපති කොමිෂන් සභාව හමුවේ සාක්ෂි දෙමින් පවසා ඇත්තේ අදාල ගොඩනැගිල්ලේ තක්සේරු වටිනාකම රුපියල් මිලියන 13.5ක් බවත් එය කුලියට ගෙන ඇත්තේ රුපියල් මිලියන 21කට බවත් ය.










