අධ්‍යාපන අමාත්‍යාංශයේ සැපයුම් අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කළ අයි.එම්.කේ.බී. ඉලංගසිංහ මහතා 2015 – 2018 වසරවල රාජ්‍ය ආයතනවල සිදුව ඇතැයි පැවසෙන දූෂණ වංචා සෙවීමට පත්කළ කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.
ඒ කොමිසම හමුවේ සිදුකළ සාක්ෂි ලබාදීමකින් පසු තමාවෙත ස්ථාන මාරුවක් ලබාදී ඇති බව පවසමිනි.
අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ රුව පාසල් පෙළපොත්වලට ඇතුළත් කිරීම සම්බන්ධව එල්ලවී ඇති චෝදනාවට අදාලව තමා පසුගිය ජුනි 24 වැනිදා කොමිසම හමුවේ පෙනී සිට සාක්ෂි ලබා දුන් බවත් ඉන් මසකට පසුව එනම් පසුගිය 24 වැනිදා අමාත්‍යාංශ සංචිතය වෙත ස්ථාන මාරුවක් ලබාදීමට අමාත්‍යාංශ ලේකම්වරයා කටයුතු කර ඇති බවත් ඉලංගසිංහ මහතා පැමිණිලි කර ඇත.
මෙම සිද්ධියට අදාලව අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් තිස්ස හේවාවිතාරණ මහතා ද කොමිසම හමුවේ පෙනීසිට සාක්ෂි ලබාදීමට නියමිතය.
Views: 0










