දණ්ඩ නීති සංග්‍රහයේ නොගැලපෙන වචන ඉවත් කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය

ශ්‍රී ලංකා දණ්ඩනීති සංග්‍රහයේ පවතින ඇතැම් වචන සහ යෙදුම් වර්තමානයට නොගැලපීම හේතුවෙන් එම වචන වෙනුවට උචිත වචන ආදේශ කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

යටත් විජිත සමයේ සිට පවතින, අවස්ථා කිහිපයකදී පමණක් සංශෝධනය වී ඇති මෙරට දණ්ඩනීති සංග්‍රයේ ඇතැම් වචන හා යෙදුම් අදට නොගැලපෙන බවට රජය පෙන්වා දී ඇත.

එබැවින් එම වචන සහ යෙදුම් හඳුනාගෙන වර්ථමානයට උචිත වචන හා යෙදුම් ආදේශ කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කර ඇති සංශෝධන පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පල කිරීමටත්, ඉන් පසු අනුමැතිය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව ඇත.

Facebook
Twitter
LinkedIn