හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට පාර්ලිමේන්තුවේ වැඩි ඡන්දය හිමිව තිබේ.
මහජන ආරක්ෂක ආඥා පනතේ දෙවන වගන්තිය ප්‍රකාරව ජනාධිපතිවරයා වෙත ලැබී ඇති බලතල අනුව දිවයින පුරා ක්‍රියාත්මක වන පරිදි හදිසි නීතිය ක්‍රියාත්මක කිරීම පසුගිය 22 වැනිදා සිට මසකින් දීර්ඝ වූ අතර එය අගෝස්තු 22 වැනිදායින් අවසන්වීමට නියමිතව තිබිණි.
කෙසේ වෙතත් හදිසි නීතිය තවත් මසකින් දීර්ඝ කිරීමට අදාල යෝජනාව වැඩි ඡන්ද 40කින් සම්මත විය. යෝජනාවට පක්ෂව ඡන්ද 42ක් ලැබුණු අතර විපක්ෂව ලැබී තිබුණේ ඡන්ද දෙකක් පමණි.
Views: 0










