මාතලේ නගරයේ පොදු වෙළඳ පොළ භුමියේ සෙවනට සිටුවන ලද කොහොඹ ගස් කීපයක අතු ඊයේ (25 )රාත්රී කාලයේ මාතලේ නගරාධිපතිවරයා හා සේවකයින් පිරිසක් විසින් ඉවත්කරමින් සිටීම පිළිබදව මාතලේ පරිසර මිතුරෝ සංවිධානයේ කැඳවුම්කරු සිසිර කුමාර මහතා ඇතුළු පිරිසක් විමසීමෙන් කෝපයට පත් නගරාධිපතිවරයා ඇතුළු පිරිස කඩුවක් හා පොලු මුගුරු රැගෙන පහරදී මරණිය තර්ජන එල්ලකළ බවට මාතලේ පොලිසියට පැමිණිලි කර ඇත.
මාතලේ පරිසර සංවිධානයේ සාමාජිකයින් දෙදෙනකු පහරදීමෙන් සුළු තුවාල ලබා තිබෙ.
සිද්ධිය පිලිබදව CIB155/516 යටතේ මාතලේ පොලිසියට පැමිණිල්ලක් කල බව සිසිර කුමාර මහතා කියා සිටි අතර පහරදෙන අයුරු හා මරණිය තර්ජන කිරීමට අදාල වීඩියෝ දර්ශනද පොලිසියට ඉදිරිපත් කල බවද හෙතෙම පැවසිය. .
නගරාධිපතිවරයා ඇතුළු පිරිස පරුෂ වචනයෙන් බැන වදිමින් මරණිය තර්ජන කල බවද පැමිණිල්ලේ දැක්වේ.
මාතලේ පොලිසිය පරීක්ෂණ සිදුකරයි.










