මෑත ඉතිහාසයේ වැඩිම ඡන්ද ලබාගත් විශ්වාසභංගය – විපක්ෂය එකතුකිරීම ගැන ජවිපෙට ස්තූතියි

මෑත ඉතිහාසයේ වැඩිම ඡන්ද ලබාගත් විශ්වාසභංගය – විපක්ෂය එකතුකිරීම ගැන ජවිපෙට ස්තූතියි

අගමැතිවරයා සහ ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ඉදිරිපත් කළ විශ්වාසභංගය හරහා විපක්ෂය එක් වූ බවත් ඒ සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණට සිය ස්තුතිය ප්‍රධානය කරන බවත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මහලේකම් දයාසිරි ජයසේකර මහතා පවසයි.

මීට ඉහත ඉදිරිපත් කර ඇති විශ්වාසභංගවලට සාපේක්ෂව මෙම විශ්වාසභංගයට පක්ෂව වැඩි ඡන්ද ප්‍රමාණයක් ලබාගත හැකි වූ බවත් විපක්ෂය තවදුරටත් සංවිධානය වූවා නම් ඡන්ද 103 දක්වා යාමේ හැකියාව තිබූ බවත් ඒ මහතා පවසයි.

එසේම දෙමළ ජාතික සන්ධානය ආණ්ඩුවට සහය දක්වා ඇත්තෙ එක් මන්ත්‍රීවරයෙකු වෙනුවෙන් කෝටි 5ක මුදලක් වෙන් කිරීමට අගමැතිවරයා ලබාදුන් පොරොන්දුව මත බව ද දයාසිරි ජයසේකර මහතා පැවසීය. එසේම රිෂාඩ් බදියුදීන් ඇතුළු මුස්ලිම් මන්ත්‍රීවරු හෘද සාක්ෂියට විරුද්ධව විශ්වාසභංගය පැරදවීමට කටයුතු කළේ නැවත ඇමතිකම් ලබාගැනීමේ අරමුණින් බවත් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් ආණ්ඩුව රැකගැනීමේ අරමුණින් පසුව ඡන්දය ප්‍රකාශ කිරීමට පෙළඹුනු බවත් දයාසිරි ජයසේකර මහතා පැවසීය.

කෙසේ වෙතත් පාර්ලිමේන්තුවේ ඔලුගෙඩිවල මතය ජනතා මතය නොවන බවත් මැතිවරණයක් හරහා ආණ්ඩු විරෝධය බලාගත හැකි බවත් ඒ මහතා පැවසීය.

එසේම විපක්ෂය එකතු කිරීමේ මාර්ගයක් සාදාදීම සම්බන්ධව ජනතා විමුක්ති පෙරමුණට ස්තුතිය පළකරන බව ද මහලේකම්වරයා පැවසීය.

Facebook
Twitter
LinkedIn