පාස්කු ප්‍රහාරය සම්බන්ධව විමර්ශනය කර පාර්ලිමේන්තුවට වාර්තා කිරීමට පත්කළ පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවට ලබන 24 වැනිදා කැඳවන බුද්ධි ප්‍රධානීන්ගේ සාක්ෂි විමසීම ඉතා රහසිගතව සිදුකිරීමට තීරණය කර ඇතැයි වාර්තා වේ.
කාරක සභාවේ සභාපති නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා සඳහන් කර ඇත්තේ එම සාක්ෂි විමසීම විශේෂ වැඩපිළිවෙලක් යටතේ සිදුකිරීමට නියමිත බවත් එය මාධ්‍යට අනාවරණය කළ නොහැකි බවත් ය.
බුද්ධි අංශ නිලධාරීන් තේරීම් කාරක සභාව හමුවට කැඳවීම පිළිබඳවත් මාධ්‍ය ඔස්සේ ඔවුන්ගේ තොරතුරු අනාවරණය වීම පිළිබඳවත් ඇතුම් පිරිස් විරෝධතාව දැක්වූහ. ඒ අනුව පාස්කු ප්‍රහාරය සම්බන්ධ සත්‍ය තොරතුරු අනාවරණය කර ගැනීමේදී බුද්ධි නිලධාරීන් මාධ්‍යට අනාවරණය නොකර සිටීමට කාරක සභාව තීරණය කර තිබේ.
ඒ අනුව ලබන 24 වැනිදා පාර්ලිමේන්තු විශේෂ තේරීම් කාරක සභාව හමුවේ සාක්ෂි විමසන රාජ්‍ය බුද්ධි ප්‍රධානී, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න, එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ශානි අබේසේකර යන නිලධාරීන්ගෙන් සාක්ෂි විමසීමට නියමිතය.
පොලිස් ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරී වරුණ ජයසුන්දර සහ එම කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක තරංග පතිරණ යන නිලධාරීන් ද එදිනට කාරක සභාව හමුවට කැඳවා ඇත.









