ඉතාලියෙන් බද්දක්

ජනවාරී මස 30 වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ඉතාලියේ වෙසෙන විදේශිකයින්ගෙන් වාර්ෂිකව යූරෝ 80 සිට 200 දක්වා බදු මුදල් අය කිරීමට එරට රජය තීරණය කර තිබෙන බව විදෙස් වාර්තා සදහන් කරයි.

ඒ අනුව මාස 3 ක කාලයක සිට වසරක් දක්වා සංචාරක වීසා මත රැඳී සිටින විදේශිකයින්ගෙන් යූරෝ 80 ක මුදලක් ද වසර එකේ සිට දෙක දක්වා යූරෝ 100ක මුදලක් ද විදේශිකයින් විසින් ඉතාලි රජයට ගෙවිය යුතු වේ.

වයස අවුරුදු 18 ට අඩු සහ වෛද්‍ය ප්‍රතිකාර සඳහා පැමිණ සිටින පුද්ගලයින් සඳහා මෙම අයකිරීම සිදු නොවන බවත් එම වාර්තාවල සදහන් වේ.

Facebook
Twitter
LinkedIn