පිළියන්දල, කැස්බෑව ඇතුළු ඒ අවට ප්‍රදේශ කිහිපයකට අද (06) පෙරවරු 8 සිට පස්වරු 6 දක්වා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ලංකා විදුලි බල මණ්ඩලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් විදුලි බලය අත්හිටුවීමට නියමිත බැවින් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව එම මණ්ඩලය නිවේදනය කරයි.
ඒ අනුව පිළියන්දල – කොළඹ ප්‍රධාන මාර්ගයේ වේරහැර, ගංගාරාම පාර හා සියලු අතුරු මාර්ග, පිළියන්දල හොරණ මාර්ගයේ කැස්බෑව උසාවිය දක්වා සියලු අතුරු මාර්ග කැස්බෑව, බණ්ඩාරගම ප්‍රධාන මාර්ගයේ බටුවන්දර දක්වා සහ සියලු අතුරු මාර්ග, මිරිස්වත්ත – කොට්ටාව ප්‍රධාන මාර්ගයේ මාවිත්තර දක්වා සහ සියලු අතුරු මාර්ග, පිළියන්දල – මහරගම ප්‍රධාන මාර්ගයේ මකුළුදූව දක්වා සහ සියලු අතුරු මාර්ග, පිළියන්දල – මොරටුව ප්‍රධාන මාර්ගයේ කොස්පැලෑන පාලම දක්වා සහ සියලු අතුරු මාර්ග හා බෝකුන්දර – මහරගම ප්‍රධාන මාර්ගයේ නිවන්තිඩිය දක්වා සහ සියලු අතුරු මාර්ග යන ප්‍රදේශ සියල්ලට ජලය අත්හිටවනු ලබයි.









