ලංකා විදුලිබල මණ්ඩලයට සහ පෞද්ගලික විදුලි බලාගාරවලට ඊයේ(30) මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන සැපයීම නතරකර ඇතැයි ඛනිජ තෙල් වෘත්තීය සමිති පවසයි.
කොළඹ සිට කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තය දක්වා ඉන්ධන ප්‍රවාහනය කරන නළ මාර්ගය මේ වන විට ඇත්තේ අබලන් තත්වයේ බවත් එයට පිළියම් ලෙස නව නළ මාර්ගය පද්ධතියක් ඉදිකිරීමේදී මෝදර, මහවත්ත ප්‍රදේශවාසීන් සමඟ ඇතිව තිබෙන ගැටළුව විසඳීමට විදුලිබල අමාත්‍ය රවී කරුණානායක මහතා කටයුතු කිරීම පැහැරහරිමින් සිටින බවත් ඛනිජ තෙල් වෘත්තීය සමිති චෝදනා කරයි.
එමගින් රටට විශාල මූල්‍ය පාඩුවක් සිදුවන බව ද වෘත්තීය සමිති පෙන්වා දෙයි.
මේ හේතුවෙන් ඛනිජ තෙල් වෘත්තීය සමිති ගණනාවක් පසුගිය දා තීරණය කර සිටියේ ඊයේ(30) මධ්‍යම රාත්‍රිය තෙක් මෙම ගැටළුව විසඳීමට සාධනීය පියවර නොගන්නේ නම් ලංකා විදුලිබල මණ්ඩලය සහ පෞද්ගලික විදුලි බලාගාරවලට ඉන්ධන සැපයීම අත්හිටුවන බවය. ඒ අනුව ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන සැපයීම නතරකර ඇති අතර අද දිනය තුළ ද මෙයට විසඳුම් ඉදිරිපත් නොකරන්නේ නම් ඉදිරියේ දැඩි ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වන බව වෘත්තීය සමිති පවසයි.
ලංකා ඛනිජ තෙල් සංස්ථාවට අයත් ලංකා පොදු සේවක සංගමය, ජාතික සේවක සංගමය, ඛනිජ තෙල් කර්මාන්ත සේවක සංගමය, විධායක නිලධාරීන්ගේ සංගමය, නිදහස් සේවක සංගමය යන වෘත්තීය සමිති එකමුතුවක් මෙම ක්‍රියාමාර්ගයට අවතීර්ණ වී සිටිති.










