හොරු අල්ලන්න බලයට පැමිණි ආණ්ඩුව මේ වනවිට හොරුන් සමඟ ඩීල් දමමින් හොරුන්ට ලක්ෂ 400යේ වෙඩි නොවදින සුකෝපභෝගී වාහන ලබාදීම සඳහා ජනතා මුදල් වෙන්කර ගැනීමට කටයුතු කර ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ, රට අරාජික කළ මහජන ආරක්ෂාව බිලිදෙන ආණ්ඩුව වහා ඉල්ලා අස්වෙනු යනුවෙන් පසුගිය දා අනුරාධපුරයේදී පැවැත්වූ ජනතාව දැනුවත් කිරීමේ සම්මන්ත්‍රණයට එක් වෙමිනි.
නීතියක් පැවතිය ද එය ලොකු මිනිහට එක නීතියකුත් පොඩි මිනිහට එක නීතියකුත් ලෙස ක්‍රියාත්මක වන බව විජිත හේරත් මහතා පැවසීය. අර්ජුන මහේන්ද්‍රන්, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ආණ්ඩුවේ ලොකු හොරුන් නීතියේ දෙවඟනගේ තරාදියට දැමිය නොහැකි බවත් එම තරාදියට දැමිය හැකිව ඇත්තේ පොඩි මිනිසුන් පමණක් බවත් විජිත හේරත් මහතා පැවසීය.
https://www.facebook.com/jvpsrilanka/videos/2333918813365570/










