පසුගිය 23 වැනිදායින් ආරම්භ වූ මත්ද්‍රව්‍ය නිවාරණ සතිය අදින්(01) අවසන් වේ.
මතින් නිදහස් රටක් යන තේමාව අනුව, මත්ද්‍රව්‍ය භාවිතය හා නීති විරෝධී ප්‍රවාහනයට එරෙහි ජාත්‍යන්තර දිනයට සමගාමීව මෙය ක්‍රියාවට නංවා තිබිණි.
පාගමන්, දැනුවත් කිරීමේ වැඩසටහන්, සම්මන්ත්රණ, දේශණ, චිත්‍ර සහ පෝස්ටර් තරඟ ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී ක්‍රියාවට නැංවුණු අතර ඊට ඉහළ ජනතා සහභාගීත්වයක් දක්නට ලැබුණු බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කර ඇත්තේ 2015 වසරේ සිට මේ දක්වා විවිධ වර්ගවලට අයත් මත්ද්‍රව්‍ය කිලෝ විසිහතරදහස් අටසිය දහ අටක් අත්අඩංගුවට ඇති බවත් නඩු කටයුතු අවසන් කළ මත්ද්‍රව්‍ය කිලෝ 1695ක් ප්‍රසිද්ධියේ විනාශ කර ඇති බවත් ය.
මත්ද්‍රව්‍ය නිවාරණ සතියේ අවසන් දින සැමරුම අද(01) පෙරවරුවේ ජනාධිපතිවරයාගේ සහභාගීත්වයෙන් සුගතදාස ක්‍රීඩාංගනයේ පැවැත්වීමට නියමිතය.










