ජනතා විරෝධතා හමුවේ නවතා දැමූ චීන ආයෝජන ව්‍යාපෘති සඳහා ලබාදීමට තැත්කළ හම්බන්තොට ඉඩම් අක්කර 15,000 නැවත ලබාගැනීමේ උත්සාහයක් ක්‍රියාත්මක වන බව හම්බන්තොට ජනතා අයිතීන් සුරැකීමේ එකමුතුව පවසයි.
2016 වසරේ දී මෙම ඉඩම් චීන ආයෝජන කලාපයක් වෙනුවෙන් පවරා දීමට ආණ්ඩුව සැළසුම් කළ අතර එමඟින් සිය ගම්බිම් සහ ජීවන වෘත්තීන් අහිමිව යන බව පවසමින් සහ මෙරට භූමිය විදේශයන්ට පැවරීමට එරෙහිව හම්බන්තොට ජන අයිතීන් සුරැකීමේ එකමුතුව ජනතාව සංවිධානය කළේය.
එමඟින් සිදුකළ දැවැන්ත විරෝධතා හමුවේ සිය සැළසුම් හකුලා ගැනීමට ආණ්ඩුවට සිදුවුවද නැවත වරක් එම ඉඩම් චීනයට පවරාදීමේ සැළසුම් ක්‍රියාත්මක කර ඇතැයි එම සංවිධානය පවසයි.
එම කුමන්ත්‍රණය පරාජය කිරීමට නැවත වරක් ජනතාව සංවිධානය විය යුතු බව දන්වමින් හම්බන්තොට ජන අයිතීන් සුරැකීමේ එකමුතුව මේ වනවිට පෝස්ටර් ව්‍යාපාරයක් දියත් කර ඇත.
Views: 0











