සුළි සුළං තත්වයක් හේතුවෙන් හානි වී ඇති කියුබාවේ ගම්මානයක් යලි ප්‍රතිසංස්කරණය කිරීමට ඇමරිකා ඩොලර් 50,000ක ආධාරයක් ශ්‍රී ලංකාවෙන් ලබාදීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.
කියුබානු-ශ්‍රී ලංකා මිත්‍රත්වය තවදුරටත් තහවුරුකර ගැනීමේ සංකේතයක් වශයෙන් සහ දෙරට අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතාවට වසර 60ක් පිරීම නිමිත්තෙන් මෙම මුදල් ආධාරය ලබාදීමට විදේශ කටයුතු ඇමතිවරයා සිදුකළ යෝජනාවකට මෙලෙස අනුමැතිය හිමිව ඇත.
පසුගිය ජනවාරි මාසයේ ඇතිවූ සුළි කුණාටුවෙන් හානියට පත් හවානාහි රෙග්ලා ආශ්රිත ගම්මානයක් ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඇමරිකානු ඩොලර් 50,000ක ආධාරයක් ලබාදීමට පසුගියදා අමාත්‍ය මණ්ඩල පත්‍රිකායක් විදේශ කටයුතු ඇමතිවරයා විසින් ඉදිරිපත් කර තිබිණි.
Views: 0










