ඩොනල්ඩ් ට්‍රම්ප්-කිම් ජොන් අන් හදිසියේ හමුවෙයි

ඩොනල්ඩ් ට්‍රම්ප්-කිම් ජොන් අන් හදිසියේ හමුවෙයි

ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් උතුරු කොරියානු නායක කිම් ජොන් අන් අද(30) මුණගැසී තිබේ.

උතුරු හා දකුණු කොරියා යුධ මුක්ත කලාපයේදී මෙම හමුව සිදුව ඇති අතර ඇමරිකානු ජනාධිපතිවරයා ජපානයේ ඔසාකා නුවර පැවති ජී විස්ස සමුළුවට සහභාගීවීමෙන් පසු දකුණු කොරියාවට පැමිණි අවස්ථාවේ මෙම හමුව යොදාගෙන තිබිණි.

මෙම හමුව කලින් සැළසුම්කර නොතිබූ බවත් ට්විටර් පණිවුඩ මගින් හදිසියේ යෙදාගත් හමුවක් බවත් වාර්තා වේ.

කොරියා දේශසීමාව තරණය කිරීමෙන් පසු ට්‍රම්ප් උතුරු කොරියානු භූමියට පිවිසි අතර පසුව දෙදෙනා සුහඳ පිළිසඳරක යෙදී ඇති ආකාරය විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

මෙම සාකච්ඡාවේදී උතුරු කොරියානු නායකයාට ධවල මන්ධිරය වෙත පැමිණෙන ලෙස ආරාධනාවක් ලැබී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබිණි.

Facebook
Twitter
LinkedIn