ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සභාපතීත්වයට නැවත මාවෙයි සේනාධිරාජා පත්වෙයි

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂයේ සභාපතීත්වයට නැවත මාවෙයි සේනාධිරාජා පත්වෙයි

ඉලංගෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ සභාපතීත්වය නැවත වරක් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මාවෙයි සෙනාධිරාජා මහතාට හිමිව තිබේ.

එම පක්ෂයේ මහ සභාව අද(29) නල්ලූර් ප්‍රදේශයේදී පවත්වා ඇති අතර එහිදී පක්ෂයේ සභාපති ධුරය සඳහා මාවෙයි සේනාධිරාජා මහතා ද පක්ෂ ලේකම් ධුරය සඳහා නැගෙනහිර පළාත් සභාවේ හිටපු කෘෂිකර්ම අමාත්‍ය කේ.තුරෙයිරාජසිංහම් මහතා ද පත්කර ඇත.

ඉලංකෙයි තමිල් අරසුකච්චි පක්ෂයේ අනුශාසක ලෙස දෙමළ ජාතික සන්ධාන නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් මහතා කටයුතු කරනු ලබයි.

දෙමළ ජාතික සංධානයේ ප්‍රධානතම පාර්ශ්වය වන්නේ ද ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය වේ.

Facebook
Twitter
LinkedIn