උස්පෙළ ප්‍රතිඵල විකෘතියට විරෝධය පලකරමින් වහාම එය නිවැරදි කරන ලෙස ආණ්ඩුවට බලකිරීමේ පෙත්සමකට අත්සන් ගැනීම අද (05) උදේ කොටුව දුම්රියපල ඉදිරිපිටදී ආරම්භ විය. පාසැල් සුරැකීමේ ජනතා ව්‍යාපාරය අත්සන් ව්‍යාපාරය මෙහෙවන අතර එයට විශාල මහජන ප්‍රතිචාරයක් ලැබින.
එය ආරම්භකරමින් අදහස් දැක්වූ පැසැල් සුරැකීමේ ජනතා ව්‍යාපාරයේ කමිටු සාමාජික වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා දැක්වූ අදහස් මෙසේය. ”ප්‍රතිඵල විකෘති කිරීමේ වගකීම ආණ්ඩුව භාරගන්නේ නැතුව ජනාධිපතිවරයා කොමිසමක් පත්කර තිබෙනවා. මේකත් හරියට කැකිල්ලේ රජ්ජුරුවන්ගේ නඩු තීන්දුව වගේ තීන්දු ගන්න වැඩක්. උසස්පෙළ ලියපු ශිෂ්‍යයන්ගෙන් 70%ක් මේ වන විට නැවත සමීක්ෂණයට අයදුම්කර අවසන්. ඒනිසා අපි ආණ්ඩුවට කියන්නෙ මේ ප්‍රතිඵල වහාම අත්හිටුවා සම්පූර්ණ නැවත සමීක්ෂණයක් කර නිවැරදි ප්‍රතිඵල ලබාදෙන්න කියලයි.”
සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමයේ ලේකම් ජේ. ද සේරම් මහතාද මෙහිදී අදහස් දැක්වීය. උත්තර පත්තර බැලූ ගුරුවරුන් පිට ප්‍රශ්ණය පටවා ආණ්ඩුව බේරීමට උත්සාහ කරමින් ඉන්නබව පේනවා. අපි මේරටේ සමස්ත සිසුන් හා දෙමව්පියන්ට කියන්නෙ ගුරුවරුන් නිවැරදිව තමන්ගේ වගකීම ඉටුකර අවසන් බවයි. විභාග දෙපාර්තමේන්තුව කළ විකෘතියක් මේක. වහාම මේ තත්වය නිවැරදි කර සිසුන් සහ දෙමව්පියන්තුළ විශ්වාසය තහවුරුකිරීමට ක්‍රියාකරන ලෙස අපි ආණ්ඩුවට බලකරනවා. ඒ වගේම නිදහස් අධ්‍යාපනය පෞද්ගලී කරණය කරන කුමන්ත්‍රණයට විරුද්ධව අපි අඛණ්ඩව අරගල කරන බවත් අවධාරණය කරනවා.

















