පොලීසිය වැවේ

තිස්සමහාරාම යෝධ කණ්ඩිය වැවට ඊයේ රාත්‍රී මුර සංචාරයේ යෙදුණු පොලිස් ජංගම කැබ් රථයක් වැටී ඇත. රාත්‍රි ජංගම මුර සංචාරයේ යෙදුණු පොලිස් කැබ්රියක් මෙලෙස අනතුරට ලක්වි ඇත.

අනතුර සිදුවන අවස්ථවේදී පොලිස් සැරයන්වරයකු, කොස්තාපල්වරුන් දෙදෙනකු හා සිවිල් ආරක්ෂක භටයකු කැබ්රියේ ගමන් කරමින් සිට ඇති අතර ඔවුන්ට සුළු තුවාල ඇතිවී ඇත. මෙලෙස අනතුරට ලක්වී ඇත්තේ තිස්සමහාරාම පොලීසියට අනුයුක්තව සේවය කරන පොලිස් නිලධාරීන් පිරිසක් සහ එම පොලිස් ස්ථානය සතුව තිබූ කැබ් රථයකි.

Facebook
Twitter
LinkedIn