උතුරේ ඡන්දේ නැකතට – MR

උතුරේ පළාත් සභා ඡන්දය සැප්තැම්බරයේ පවත්වන බවත් ඒ සඳහා නැකත් හදා ඇති බවත් ජනපති මහින්ද රාජපක්ෂ වැලිඔය සම්පත් මධ්‍යස්ථානයේ දී අද (20) ප්‍රකාශ කෙළේය.

‘මගේ ජ්‍යොතිශාත්‍රාඥයන් මට හදා දෙන්නේ දිනන වේලාවන් යැයි ද ජනපති මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

1987 පළාත් සභා පිහිටුවීමෙන් පසු උතුරුට ඡන්දයක් පවත්වන ප්‍රථම අවස්ථාව මේ වසරයි.

විදුලි බිල ගැන සඳහන් කරමින් ජනපති පැවැසුයේ සිගරැට් මිල වැඩිකළ විට කිසිවක් නොකියන අය විදුලි බිල වැඩිවු විට මැසිවිලි නඟන බවයි. සිගරැට් මිල වැඩි කළත් විකිණීමේ අඩුවක් නැතැයි ජනපති සඳහන් කෙළේය.

Facebook
Twitter
LinkedIn