මගේ දරුවන්ව මෙහෙයවුයේ FBI එකයි – බොස්ටන් සැකකරුවන්ගේ මව කියයි

බොස්ටන් බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවන් වන ත්සර්නයේව් සොයුරන්ගේ පියා වන අන්සර් ත්සර්නයේව් රුසියාවේ සිට මාධ්‍යයට අදහස් දක්වමින් තම දරුවන් දෙදෙනා අහිංසකයන් බවත් වෙනත් බාහිර බලවේගයක් විසින් මෙම සාහසික අපරාධය ඔවුන් මත පටවා ඇති බවත් , සැබෑ අපරාධකරුවන්ගේ ඇති බියසුළුභාවය නිසා තම අහිසංක දරුවන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ ජීවිතය පවා උදුරාගත් බවත් පවසයි.

පසුගිය 18 වැනිදාත් මා ඔවුන් දෙදෙනාටම දුරකතනයෙන් කතා කලා. බෝම්බ පිපිරුම ගැනත් විමසුවා. පරිස්සම් වෙන්න කියාත් පැවසුවා යනුවෙන් ත්සර්නයේව් සොයුරන්ගේ පියා වැඩිදුරටත් පවසයි.

මේ අතර මාධ්‍යයට අදහස් දැක්වූ ත්සර්නයේව් සොයුරන්ගේ මව වන සුබෙයිදත් ත්සර්නයේව් පවසන්නේ ඇමරිකානු ෆෙඩරල් බුද්ධි අංශය (FBI) විසින් තම වැඩිමහළු දරුවාව මෙහෙයවනු ලැබූ බවයි. ඔවුන් වසර කිහිපයක සිට මාගේ දරුවා සමග සම්බන්ධකම් පවත්වනවා. ඔවුන් ඔහුගේ සෑම කි‍්‍රයාවක්ම පාලනය කරමින් සිටියේ . දැන් කියනවා ඔවුන් ත‍්‍රස්තවාදින් කියා යනුවෙන් සුබෙයිදත් ත්සර්නයේව් මාධ්‍ය හමුවේ අදහස් පලකර සිටි.

තිදෙනෙක් මියගොස් 170 කට පමණ තුවාල සිදුකල බොස්ටන් බෝම්බ ප‍්‍රහාරයේ සැකකරුවන් දෙදෙනා වන ත්සර්නයේව් සොයුරන් මීට වසර 10 කට පෙර ඇමරිකාවට සංක‍්‍රමණය වු චෙච්නියානු සම්භවයක් ඇති රුසියානුවන් වන අතර මීට වසර කිහිපයකට පෙර යම් විදේශ රටක ඉල්ලීමක් පිට ත්සර්නයේව් සොයුරන්ගේ වැඩිමලා වූ තමලාන් ගැන සෝදිසි කිරීමක් කර ඇති ඇමරිකානු ෆෙඩරල් බුද්ධි අංශය එතැන් සිට ඔහුත් සමග යම් සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇතැයි වාර්තා වේ.

Facebook
Twitter
LinkedIn