බෝගම්බර රැඳවියෙක් පලා යයි

මහනුවර බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියෙකු මහනුවර, හන්තාන ප්‍රදේශයේ ප්‍රජා සේවයේ යොදවා සිටිය දී බන්ධනාගාර නිලධාරීන්ගෙන් මිදී පලාගොස් තිබේ.

පලාගිය රැඳවියා අවිස්සාවේල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 34 ක් පමණ වන පුද්ගලයෙකි.

මංකොල්ලකෑම් ආදී අපරාධ කිහිපයක් සඳහා බන්ධනාගාරගතව සිටි සිරකරු මෙසේ පලා ගොස් ඇති බව බන්ධනාගාර නිලධාරීහු පවසති.

සිද්ධිය සම්බන්ධයෙන් මහනුවර පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් පරීක්ෂණ සිදුකරන අතර ඔහු සොයා මෙහෙයුම් ක්‍රියාත්මක බවද පැවසේ.

Facebook
Twitter
LinkedIn