ලොවෙත් නැති ආශ්චර්යය

 

හැදුවත් තො‍ටුපලක් යන්නට ඒරොප්පේ

ගැන්නත් දවස් මාසෙක සිට පෙන පුප්පේ

අලියොත් එක්ක බෑ සෙල්ලම් අපේ අප්පේ

ඒවිද ප්ලේන් බලමුකො අපි මේ කප්පේ


බැලුවා සොයා යන්නට මං රට පටවා

දු‍ටුවා තිබෙන විස්තර එහි වෙබ් පි‍ටුවා

එබුවා ප්ලේන් විස්තර දෙන මුල් කො‍ටුවා

දු‍ටු දෙය මෙහෙම කවියට දෙමි කට නටවා


තිබුනා තැනක් අප අදහස් පවසන්න

එතනින් අවා ඊ ලිපිනයා විමසන්න

මත්තල තරම මුලු ලෝකෙට පවසන්න

ඊ ලිපිනයේ ගූගල් නම විය මෙන්න


ඇඩ් දම දමා සෑදූ මහ ගුවන් තොට

නැත වැඩි වෙනස් කම් පෙර කල වරායට

පාරේ යන ගොනෙක් බැන්දට කරත්තෙට

පිටරට ප්ලේන් නැව් එවිද හම්බතොට

 

ඊමේල් පණිවුඩයකි

Facebook
Twitter
LinkedIn